October 30, 2025

රුපියල් මිලියන 60කට මිල නියම කරන ලද හක් බෙලි කටු දෙකක් විකිණීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනකු දිවුලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බටහිර ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් ඊයේ (29) දිවුලපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්පසුව, සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර, නොවැම්බර් 4 වැනි දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතය.