
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි.
රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදුකරන මෙහෙය මෙහිදී ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතියද පළකර සිටියේය.
ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබාදීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්රයේ කලාකරුවන්ට දැඩි වෘත්තිමය සහ සමාජ වගකීමක් පවතින බවත් අවධාරණය කළේය.
එමෙන්ම උතුර දකුණ යා කළ හැකි සංස්කෘතික පාලම ගොඩ නැගිය හැක්කේ කලාකරුවන්ට බව පැවසු ජනාධිපතිවරයා, සමස්ත රට පුරා සංස්කෘතික ප්රබෝධයක් ඇතිකිරීමේ සැබෑ වුවමනාව රජයට තිබෙන බවත්, ඒ සඳහා ලබාදිය හැකි අනුග්රහයන් ලබාදෙන බවටත් පොරොන්දු විය.
ශ්‍රී ලංකා ප්‍රසංග හා සැණකෙලි සංවිධායකවරු හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංසදය, සංගීත කණ්ඩායම් සංසදය, ගායක ගායිකා සංසදය, නිවේදක සංසදය, නර්තන කණ්ඩායම් සංසදය, ශබ්ද පරිපාලකවරුන්ගේ එකමුතුව ඇතුළු එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් රැසක් මීට එක්ව සිටී අතර ක්ෂේත්රය තුළ කටයුතු කරගෙන යෑමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකෙරිණි.
එම ගැටලුවලට එම අවස්ථාවේදීම ප්‍රමාණවත් විසදුම් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළ අතර එය සහභාගී වූ පිරිසගේ පැසසුමට ලක්විය.
එසේම එම ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය නියෝජනය කරමින් අදහස් දැක්වූ ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් සිටින බවත්, එහි කොටස්කරුවන් වීමට කලාකරුවන් ලෙස තමන්ද කැමැත්තෙන් පසුවන බවත් පෙන්වාදුන්නේය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර යූසුෆ් හනීෆ්, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart