
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ දැනට පැවැත්වෙන සාකච්ඡාවලට අදහස් ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ නායකයන් ඇතුළු නායකයන්ට ආරාධනා කරමින් ලබන සඳුදා (11) රැස්වීමක් කැඳවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති “Press Vs. Prez” කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී ඔහු මේ බව අනාවරණය කළේය.
“හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ණය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා සඳහා විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට ඊයේ යෝජනා කළා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා සහභාගී වී ඔවුන්ගේ අවසන් තීරණවලට සම්බන්ධ වන ලෙස විපක්ෂයේ නායකයන් ඇතුළු සියලුම නායකයන්ට ආරාධනා කිරීමට මම අදහස් කරනවා. අපට එක්ව ස්ථාවර අනාගතයක් කරා මේ ගමන යා හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.
“අප මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද අපේ ආර්ථිකයේ ධනාත්මක ගමන් පථය අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පිළිගෙන තිබෙනවා. පෞද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතින අතර, අපගේ උත්සාහය සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව මට විශ්වාසයි,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart