
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයේ දෙවැන දිනය අදයි.
අද දිනයේදී ඔහු ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුවේ පූර්ණ සැසිවාරයට සහභාගී වීමට නියමිතව තිබේ.
එමෙන්ම උපාය මාර්ගික වශයෙන් වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයකට ද අද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම සාකච්ඡා අතර ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් මෙන්ම කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ හමුවීමටත් සැලසුම් කර තිබේ.
මීට අමතරව, ජනාධිපතිවරයා අද හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.
අද දිනයේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරතවීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා එහිදී ඔහු සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කරනු ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඔරකල් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ද හමුවනු ඇත.
අද පස්වරුවේදි ජනාධිපති අනුර කුමාර දිසානායක කුවේට් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ෂීක් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාකට එක්වීමට ද නියමිතව තිබේ.
දිනයේ අවසන් හමුව ලෙස ජනාධිපතිවරයා පුල්මන් සිටි සෙන්ටර්හි ප්‍රජා උත්සවයකට සහභාගී වීමට නියමිතව ඇති අතර මෙම එමීර සංචාර සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද ජනාධිපතිවරයා සමඟ එක්ව සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart