
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
9 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය ඇමතීය.
ඔහු සඳහන් කළේ තමාට ඡන්දය දුන් නොදුන් සැමගේ විශ්වාසය ගොඩනැගෙන පරිදි සිය ධුරයේ කටයුතු කරන බවයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් අභියෝග ජය ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
ඇතැම් නීති වෙනස් කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ද සඳහන් කළේය.
බල හුවමාරුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ සහාය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අගය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart