
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේය.
නව වැඩපිළිවෙලක් යටතේ මෙලෙස වාහන ආනයනය සිදුකරන බව පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා පැවැසීය.
වාහන කර්මාන්තය දීර්ඝ කාලයක් වසාතැබිය නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, අදියර තුනකින් වාහන ආනයනය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව ද ප්‍රකාශ කළේය.
මගී ප්‍රවාහනය සඳහා භාවිත කරන බස් රථ සහ විශේෂ සේවා සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීම 2024 දෙසැම්බර් 14 දින සිට නැවත ආරම්භ කළ බවද ඔහු පැවැසීය.
2025 පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික වාහන ආනයනය කිරීමට රජය විසින් යෝජනා කර ඇති අතර, භාණ්ඩ ප්‍රවාහනය සහ පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීම යළි ආරම්භ කිරීමට ද රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදුනොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික විය.
“ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර රජය වාහන ගෙන්වීම සහ ආර්ථිකයට සිදුවන බලපෑම හේතුවෙන් වැය වන ඩොලර් ප්‍රමාණය ඇස්තමේන්තු කර තිබෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අපි වාහන ආනයනය නැවත ආරම්භ කළ යුතුයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart