
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික වී ඇති බව රජයේ පුවත්පතක් වන ‘දිනමිණ’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, එරට ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන ඇති අතර එම තත්ත්වය හේතුවෙන් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ රාවල්පිණ්ඩි වෙත ගොස් සිටී.
දැනට එහි එක් තරගයක් පමණක් පවත්වා ඇති අතර තවත් තරග ගණනාවක් ඉදිරියේදි පැවැත්වීමට නියමිතය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමඟ පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබේ. ඔවුන් නවාතැන් ගන්නා හෝටල්වලට ද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර තිබේ.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ දැක්වූ සහාය සිහිපත් කරන ජනාධිපතිවරයා ඊට කෘතගුණ දැක්වීමක් ලෙස ද මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැඳීසිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ.
එසේම ඒ කාලය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමඟ එක්ව ගන්නා බවට ද ජනාධිපතිවරයා සහතික වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart