
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) ඇමරිකානු වේලාවෙන් පෙ.ව. 8.50 ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේය.
ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි ජනාධිපති දිසානායක නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු සහ ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart