
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් ජාතික ජන බලවේගය මුදල් ලබාගත් බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ඔහුට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.
අද පාර්ලිමේන්තුව අමතමින් දිසානායක මන්ත්‍රීවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් කිසිදිනක ෂම්මි සිල්වා හමුවී නොමැති බවත් ඔහුව රූපවාහිනියෙන් පමණක් දැක ඇති බවත්ය.
තම පක්ෂය ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වාගෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල කරන ඇමැති ප්‍රසන්න රණතුංග ලියාපදිංචි කප්පම්කාරයෙක් බවත්, ඔහු අධිකරණයෙන් දඬුවම් ලබා ඇති පුද්ගලයකු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඇමැති ප්‍රසන්න රණතුංගට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක වැඩිදුරටත්අභියෝග කළේ, හැකිනම් තම පක්ෂයට එරෙහි චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදුකරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart