
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ (BSC) ප්‍රද්යුන් සයිකියා ඉන්දියාවේ ඉහළම පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය වන රංජි කුසලානය නියෝජනය කිරීමට සමත්ව තිබේ.
ඔහු එම දස්කම දැක්වූ කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ දෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයායි.
ඔහුගේ හිටපු පාසල් සගයකු වන රාහුල් රාදේශ්ගේ අඩිපාරේ යමින් ප්‍රද්යුන් ඇසෑම් ප්‍රාන්තයෙන් රංජි කුසලානය සඳහා සිය මංගල තරගයට සහභාගී විය.
රාහුල් දක්ෂ කඩුලු රකින්නකු සහ පිතිකරුවකු ලෙස හයිද්‍රාබාද් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
ප්‍රද්යුන් ඕවර 50 තරඟයකදී ත්‍රිත්ව ශතකයක් ලබා ගනිමින් කොළඹ බ්‍රිතාන්‍ය පාසල සඳහා පාසල් වාර්තාවක් තැබීය.
ඔහු ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 17න් පහළ ජාතික පාසල් තරඟාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වූයේ තරඟ 16 කදී ලකුණු 1,370ක් ලබා ගනිමිනි.
කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ අරුණ බටපොලආරච්චිගේ අධීක්ෂණය යටතේ පසුගිය වසර 10 තුළ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීමට එම පාසල සමත් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart