
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරෙමින් පවතින බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට ඊයේ (21) දැනුම් දී ඇත.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, ප්‍රධාන සැකකරු මේ වනවිට සිය නිවසේ නොමැති බවයි.
ඔහු සොයා විමර්ශන සිදුකරන බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයන් මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් බව කරුණු දක්වමින් සඳහන් කර ඇත.
සාක්ෂිකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගියහොත් පොලිසියට නඩුවේ කරුණු තහවුරු කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බව වන බව ද නීතීඥවරයා කරුණු දක්වමින් අවධාරණය කර තිබේ.
කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සළකාබැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අටදෙනා අතරින් හතරදෙනකු පමණක් ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.
සෙසු සැකකරුවන් හතරදෙනා තවදුරටත් නොවැම්බර් මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart