
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන්නේ නම්, එහි වගකීම පාර්ලිමේන්තුවට භාරගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඉවත්වීමට සහ නව ක්‍රීඩා පනතක් සම්මත කිරීමට පොදු ස්ථාවරයක් සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැති විජේසේකර මෙම අනතුරු ඇඟවීම සිදුකළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනාධිකාරියට එරෙහි යෝජනාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart