October 27, 2025

වැල්ලවාය-තනමල්විල ප්‍රධාන මාර්ගයේ අඩවෙලයාය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 36 හැවිරිදි පොලිස් සැරයන්වරයකු මියගිය බව පොලිසිය පැවසීය.

තණමල්විල සිට වැල්ලවාය දෙසට ධාවනය වූ හමුදා බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

වැල්ලවාය, රජමාවත ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු වන යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.