January 18, 2025

මන්නාරම පොලිස් වසමේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පසුගිය 16වැනිදා වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබිණි.

මෙම වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීම සඳහා එම සැකකරුවන්ගේ රුවට සමාන ලෙස අඳින ලද සිතුවම් දෙකක් පොලිසිය නිකුත් කර ඇත.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී / මන්නාරම කොට්ඨාසය – 0718591363

මන්නාරම මෙහෙයුම් මැදිරිය – 023-2223224