
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අතුරුදන්ව සිටින 16 හැවිරිදි දැරියක් සොයා ඇටම්පිටිය පොලිසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
තම දියණිය වන රත්නායක මුදියන්සේලාගේ කවිෂා දෙව්මනී 2024 නොවැම්බර් 03 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට දැරියගේ මව කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
පැහැපත් සමක් ඇති, දළ වශයෙන් අඩි 5 අඟල් 2ක් පමණ උසැති කවිෂා දෙව්මනී, ලා කොළ පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර ඇයගේ වම් අතේ වැලමිට ආසන්නයේ සුළු කැපුමක් සිදුවී ඇත.
අතුරුදන් වූ දැරියගේ ඡායාරූපයක් පොලිසිය විසින් නිකුත්කර ඇති අතර ඇය සොයාගැනීමට මහජනතාවගේ සහය ඉල්ලා සිටියි.
තොරතුරක් දන්නා අයෙක් වේ නම් 071-8591528 ට ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා හෝ 055-2295466 ට ඇටම්පිටිය පොලිස් ස්ථානය අමතන ලෙස ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart