
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුරය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයක කපුවකුට සහ ඔහුගේ බිරියට පහරදුන් බව කියන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුනුවැව පොලිසිය සදහන් කරයි.
මෙම සැරයන්වරයා සහ ඔහුගේ මිතුරා කපුවා හමුවීමට දේවාලයට පැමිණ ශාන්තිකර්මයක් කරගැනීමට කතාකර ඇතත් කපුවා ශාන්තිකර්මය කිරීමට යෑම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කපුවාට සහ ඔහුගේ බිරිඳට පහරදුන් බව කියන සැරයන්වරයා සහ ඔහුගේ මිතුරා ප්‍රදේශවාසීන් පිරිසක් අල්ලා මෙල්ල කර රඳවා තබාගෙන ඒ බව ගලෙන්බිඳුණුවැව පොලිසියට දැනුම් දීමක් කර ඇත.
ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විහාරස්ථානයේ පවත්වාගෙන යන දේවාලයට ගොස් පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ මිතුරා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරන සැරන්වරයෙකි.
ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart