
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුවරඑළිය, ලිඳුල පොලිසියේ පොලිස් නිලධාරිනියක නාන ආකාරය හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළේ යැයි කියන එම පොලිසියේම පොලිස් කොස්තාපල්වරයකු ලිඳුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (4) නුවරඑළිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කළ බව ද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසිනි.
ලිඳුල පොලිසියේ රාජකාරි කරන කාන්තා නිලධාරිනියක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිනක කාන්තා හට නිවසේ ඇති නාන කාමරයේ දිය නාමින් සිට ඇතැයි පොලීසිය කියයි.
මේ අවස්ථාවේ සැකකරු නාන කාමරයේ ඇති කවුළුවකින් හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් එම කාන්තා නිලධාරිනිය නාන ආකාරය වීඩියෝගත කර තිබිණි යැයි පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් එම කාන්තා පොලිස් නිලධාරිනිය කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart