
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සෙනසුරාදා ටිරාන් අලස් ඇමැතිවරයාගේ පුත්‍රයා මහනුවර බලා පිටත්ව ගොස් ඇත.
එසේ යන අතරමග ගලගෙදරදී ත්‍රිරෝද රථයක් ඉස්සර කරන්නට ගොස් ඔහු අතින් සුදු ඉර කැපී තිබිණි.
එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු එම වාහනය නතර කර තිබේ.
එහිදී ඇමැති පුතා වරද පිළිගෙන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනාද රියදුරු බලපත්‍රය ලබාගෙන දඩ කොළයක් ලියන්නට පටන්ගෙන ඇත.
මෙහිදී ඇමැති පුතා දඩ කොළය ගෙවීමට ඇති ආසන්නතම තැපැල් කාර්‍යාලය පිළිබඳව විමසා සිටි අතර පොලිස් නිලධාරීන්ද ආසන්නතම තැපැල් කාර්‍යාලය පිලිබදව විස්තර ලබාදී තිබේ.
ඉන් අනතුරුව දඩ කොළය ලියමින් සිටි පොලිස් නිලධාරියා මෙසේ පවසා ඇතැයි පැවැසේ.
“දඩ ගෙවන්න මහන්සි වෙන්න ඕන නෑ. අපිට උදව්වක් කරලා යන්න පුළුවන්”
මෙහිදී ඇමැති පුතා පවසා ඇත්තේ තමා වරදක් කර ඇති හෙයින් දඩ කොළය ලබාදෙන ලෙසයි.
තමා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ පුත්‍රයා බව වරදකරු එහිදී පවසා ඇත.
මෙහිදී කලබලයට පත් පොලිස් නිලධාරීන් විමසා ඇත්තේ, “ඇයි කළින් නොකිව්වේ කියාය”.
තමා වරදක් කර ඇති හෙයින් තමා කවුද යන්න හඳුන්වාදීම අනවශ්‍ය බව ඇමැති පුත්‍රයා එහිදී පවසා තිබේ.
කෙසේ හෝ මෙම නිලධාරීන් දෙදෙනා ඇමැති පුත්‍රයාගෙන් රුපියල් 1100 ක් මුදලක් ඉල්ලාගෙන පොලිස් යතුරුපැදියෙන්ම ගොස් දඩය ගෙවා රිසිට්පත හා රියදුරු බලපත්‍ර ආපසු ලබාදී ඇත.
මෙහිදී පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ වෙනත් ඇමැතිවරයකුගේ දරුවකුට මෙවැනි සිදුවීමක් වූවා නම් තත්වය හාත්පසින්ම වෙනස් බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart