May 30, 2025

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සිරගත කිරීමෙන් පසු, හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සම්බන්ධ තවත් ඒ සමාන නඩු 20 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට රජය උපදෙස් දී ඇති බව අනාවරණය වේ.

ඇතැම් නඩු වසර 10-15 ක් තරම් ඉපැරණි, අතීතයේ විවිධ ආණ්ඩු යටතේ යටගසා දමා ඇති බවත්, ජාතික ජනබලවේගය විසින් පිහිටුවන ලද වත්මන් ආණ්ඩුව ඔස්සේ මෙම නඩු විවෘත කර ඇති බවත්, ඉතා ඉක්මණින් නඩු පැවරීම සඳහා පරීක්ෂණ සහ විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා චොදනා විමර්ශන කොමිසම විසින් ඇතැම් නඩු හසුරුවන බවද ඔහු සඳහන් ක‍ර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවන ලද දූෂණ විරෝධී කමිටුවේ ද කටයුතු කළ අමාත්‍යවරයා පැවසුවේ, CID විසින් විමර්ශනය කරනු ලබන සමහර නඩු මූල්‍ය අපරාධ විමර්ශන අංශයට (FCID) පවරන බවයි.

අප FCID නැවත පණගැන්වූවද, මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමට තරම් ප්‍රමාණවත් සුදුසුකම් ලත් නිලධාරීන් එහි නොමැති බවත්, කාර්යක්ෂමතාව සඳහා සම්පත් සැපයීමට අමතරව එය විසඳීමට පියවර ගෙන ඇති ඔහු පවසයි.

රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සහ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසුගිය වසරේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලට පෙර ජාතික ජනබලවේගයෙහි ප්‍රධාන මැතිවරණ සටන් පාඨයක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව වැරදිකරුවන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවට නැවත නැවතත් පොරොන්දු වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ජාතික ජනබලවේගය, ආණ්ඩුව පිහිටුවීමෙන් පසු වරදකරුවන් වූ පළමු දේශපාලනඥයන් දෙදෙනා බවට මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු පත්විය.

ඊට අමතරව, හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වා ඔවුන්ගේ පෙර ක්‍රියාවන් සම්බන්ධ නඩු හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටිති.

ඊට අමතරව හිටපු උතුරු මැද ප්‍රධාන ඇමැති එස්.එම්. රන්ජිත් ද මූල්‍ය අවභාවිතයකට වරදකරු වී සිරදඬුවම් විඳිමින් සිටී.