
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට රට තුළ ආරක්ෂාව අවිනිශ්චිත තත්වයක පවතින බවත් පොලිසිය සිදු කරමින් සිටින්නේ හුදු සංදර්ශනයක් පමණක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.
යූ ටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබිණි.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 2021 වසරේ විශ්‍රාම යන විට අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.
යූ ටියුබ් නාලිකාව සමග සංවාදයට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ මානසික තත්ත්වය සහ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවන බවයි.
පසුගියදා ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිදුවීමට අදාළව මාධ්‍ය ඉදිරිපිටදී සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේ සිදුවීම තමන් කිසිසේත් අනුමත නොකරන බව ද ඔහු සඳහා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එය බරපතළ ප්‍රතිවිපාක ඇති වීම සඳහා හේතුවක් විය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart