December 11, 2025

ජයන්තිපුර, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලේ සඳහන් වන්නේ, තමා 2025.08.19 වන දින කළුතර නගරයේ පිහිටි බැංකුවක ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම සඳහා පැමිණි බවත්, එහි සිටි තමා නොහඳුනන පුද්ගලයෙකුගෙන් සහාය ලබාගත් බවත්, එම අවස්ථාවේදී එම පුද්ගලයාට තමාගේ ATM කාඩ්පත හා මුරපදය ලබාදුන් බවත්ය.

එහිදී එම පුද්ගලයා විසින් වෙනත් ATM කාඩ්පතක් තමාට ලබා දී පිටව ගොස් පසුව, තමාගේ ATM කාඩ්පත භාවිත කරමින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබා ගෙන ඇති බවටත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු මීට පෙරත් මේ ආකාරයෙන්ම මුදල් වංචා සිදුකිරීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානය හා වාද්දූව පොලිස් ස්ථානයට මෙවැනි පැමිණිලි 04 ක් වාර්තා වී ඇති අතර මෙම සැකකරු දිවයිනේ විවිධ ස්ථාන වලට ගමන් කරමින් නිරන්තරයෙන් මෙවැනි වංචා රැසක් සිදුකරන අයෙකු බවටත් දැනට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම බැංකුවෙහි සීසීටීවී දර්ශන වලින් ලබා ගන්නා ලද විඩියෝ පටයක් ප්‍රසිද්ධ කර ඇති අතර, මෙහි සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත.

පහතින් දැක්වෙන්නේ අදාළ සොරකමට අදාළ වීඩියෝ දිගුවයි.

https://web.facebook.com/srilankapoliceofficial/videos/%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1-%E0%B7%83/25512358295081705/?rdid=Nemb3ymXvWIfcDci