
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ගායක සමන් ද සිල්වා පෙරේදා (1) රාත්‍රී පිරිසක් සමඟ පානදුර පාලම අසල ආපනශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව එහි සේවකයන් දෙදෙනකුට පහර දී දේපළවලට ද අලාභානි කළ බව පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
සමන් ද සිල්වා ඇතුළු පස් දෙනකුගෙන් යුත් පිරිස එම ආපනශාලාවට රාත්‍රී 11.20ට පමණ පරාටා සහ කොත්තු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි බිල නොගෙවා පිටවයෑමට සැරසීමත් සමඟ සේවකයන් එයට විරුද්ධ වී තිබූ බවත්, ඒ අවස්ථාවේදී සමන් ද සිල්වා “උඹලා දන්නැද්ද යකෝ මම සමන් ද සිල්වා කියලා?” යනුවෙන් ආවේගශීලිව හැසිරී ඇති අතර ඔහු සමග සිටි පිරිස වේටර්වරයකුට සහ මුදල් අයකැමිට පහර දී, අනතුරුව ප්ලාස්ටික් පුටු පොළොවේ ගසා හෝටල් හිමිකරුට සහ සේවකයන්ට පහර දී විකිණීමට තිබූ වතුර බෝතල් රැසකට අලාභානි සිදු කර තිබූ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
එම පහරදීමෙන් සේවකයන් දෙදෙනකුට සුළු තුවාල සිදු වී ඇති අතර, ප්ලාස්ටික් පුටු හතරකට සහ විශාල ප්‍රමාණයේ වතුර බෝතල් 12කට අලාභ සිදු වී ඇතැයි හිමිකරු පවසයි. සිද්ධියට මුහුණ පෑ මුදල් අයකැමි සහ වේටර් ඒ සම්බන්ධයෙන් පානදුර දකුණු පොලිසියට පෙරේදා (01) රාත්‍රියේම පැමිණිල්ලක් කර ඇත.
සමන් ද සිල්වා ඇතුළු පිරිස ආවේගශීලීව හැසිරෙන අයුරු එහි සේවකයකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබිණි.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart