May 1, 2025

බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන වැලිඔය පොලිස් ස්ථානයේ රාත්‍රියක් පුරා රඳවා තබා ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත අවශ්‍යව සිටි වැලිඔය, හෙලබාවැව ප්‍රදේශයේ කාන්තාවක සොයා එම නිවසට ගොස් ඇති බවයි.

වරෙන්තුව ඉදිරිපත් කර චෝදනා පැහැදිලි කිරීමෙන් පසු නිලධාරීන් කාන්තාවගෙන් ඉල්ලා ඇත්තේ පොලිස් ස්ථානයට යාම සඳහා සූදානම් වන ලෙසයි.

කෙසේ වෙතත් කාන්තාව සිය දරුවා නිලධාරීන් අසල තබා නිවසේ පිටුපස දොරෙන් කැළෑබද ප්‍රදේශයකට පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය එම කාන්තාව පසුපස හඹා ගිය ගොස් ඇති රාත්‍රී 7.30 ට පමණ සිදුවූ විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් නිසා ඇයව සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මෙම සිද්ධියෙන් කලබලයට පත්වූ දරුවා හඬන්නට වූ බවත්, දරුවාගේ පියා සිරගතව සිටින බව වාර්තා වීමත්, ඔහු භාර ගැනීමට ඥාතීන් හෝ අසල්වාසීන් කිසිවකු නොසිටි නිසාත්, නිලධාරීන් විසින් දරුවා කාන්තා පොලිස් නිලධාරිනියකගේ රැකවරණය යටතේ පොලිස් ස්ථානයට රැගෙනවිත් ආහාර ලබා දුන් බව ද පොලීසිය පවසයි.

දරුවාගේ මව පසුව ඇගේ නැන්දම්මා සහ ප්‍රදේශයේ පන්සලේ ස්වාමීන් වහන්සේ සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ රාත්‍රී 8.45 ට පමණ බව ද පොලීසිය පවසයි.

එමෙන්ම පොලිසිය පැවසුවේ දරුවා නැන්දම්මා විසින් නිවසට රැගෙන යාමට ඉඩ තිබූ නමුත් කාන්තාව දරුවාව එම ස්ථානයේ රඳවා තබා ගැනීමට තීරණය කර ඇති බවයි.

දරුවා අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බව
ද පොලිසිය අවධාරණය කර තිබේ.