
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනීසිට කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුල් වී එහි තිබූ රුපියල් එක්කෝටි විසිලක්ෂයක් වටිනා විදේශීය මුදල් තොගයක් පැහැර ගැනීම හා එම නිවස බලාගත් ඉන්දියානු ජාතිකයාගෙන් රුපියල් කෝටි හතරක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් කෝටියක අල්ලසක සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනකු අද (15දා) අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට දැනුම් දුන්නේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මින් පෙර අත්අඩංගුවට ගෙන තිබූ සැකකාරිය හා සෙසු සැකකරුවන් තිදෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොහොමඩ් නසීර් මොහොමඩ්, මදුෂිකා සංජීවනී, අබ්දුල් ලතිෆ් හා අෆ්රිඩ් නසීම් යන සිවුදෙනා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරුවන්ගේ කටහඬ සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එමෙන්ම එම සැකකරුවන් ඇතුළු සැකකරුවන් පිරිස අල්ලස් ලබාගත් නිවසට ඇතුල් වීම, පිටවීම හා අල්ලස් ලබාගැනීමට අදාළ සීසීටීවී දර්ශන ලබා ගැනීමටත් සැකකරුවන්ගේ හා පැමිණිලිකරුගේ ජංගම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් දුරකථන කුලුනු වාර්තා ලබා ගැනීමටත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට අවසර ලබාදුන්නේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart