
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිරිපිටිය ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ හමුදා සෙබළුන් දෙදෙනකු ඊයේ රාත්‍රියේ හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනතාවගෙන් ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටළීම සිදුකර තිබිණි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් කොස්තාපල්වරයා පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් සහායකයකු ලෙස සේවයට එක්වී, පසුව උසස්වීම් ලබා කොස්තාපල්වරයකු ලෙස කටයුතු කර ඇතැයි අනාවරණ වී තිබේ.
අනෙක් සැකකරුවන් දෙදෙනා පනාගොඩ යුද හමුදා කඳවුරේ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායට අනුයුක්තව සේවය කළ සෙබළුන් බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලීසිය පවසයි.
සැකකරුවන් මොරටුව, නිකවැරටිය සහ ගලපිටමඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart