
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ජූලි 8 වනදා මෝදි රුසියාවට පැමිණෙන අතර දින 02 ක් රුසියාවේ රැඳී සිටිනු ඇති.
අග්‍රාමාත්‍යවරයා රුසියාවේ සංචාරයක නිරත වන්නේ මොස්කව් සමඟ නවදිල්ලියේ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, 22 වැනි ද්විපාර්ශ්වික වාර්ෂික සමුළුව පැවැත්වීම සහ විවිධ කලාපීය හා ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදු කරන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුවයි.
ජූලි 08 සහ 09 යන දිනවලදී 22 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා මොස්කව් නුවරට පැමිණෙනු ඇත.
“නායකයින් අතර බහුවිධ සබඳතා පිළිබඳ සමස්ත පරාසය සමාලෝචනය කරනු ඇත. දෙරට අතර අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති සමකාලීන කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කර ගනී” යනුවෙන් රජයේ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූලි 9-10 දිනවල ඔස්ට්‍රියාවේ සංචාරය කිරීමට නියමිතයි.
වසර 41 කට පසු ඉන්දීය අගමැතිවරයෙකු ඔස්ට්‍රියාවට සිදු කරන ප්‍රථම සංචාරය මෙය වනු ඇති.
ඔහු ඔස්ට්‍රියාවේ ජනාධිපති එ ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් මෙන්ම චාන්සලර් එච්.ඊ. කාල් නෙහම්මර් සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart