
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානයේ 24 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් හි නායක ෂෙබාස් ෂරීෆ් දිවුරුම් දෙනු ලැබුවා.
ඔහුට අසල්වැසි ඉන්දියාව සුබ පැතුම් එක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව කෙටි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ පකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ෂෙබාස් ෂරීෆ්ට සුබ පැතුම් එක් කරන බවයි.
කෙසේවෙතත් ෂෙබාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පකිස්තාමයේ දේශපාලන අර්බුධය තවදුරටත් තීව්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව අග්‍රාමාත්‍යවරයා තේරී පත්වීම සහ ඉකුත් දා පැවැති මහ මැතිවරණය ද වංචා සහගත බව පකිස්තානයේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් පවසයි.
පී ටී අයි පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් පකිස්තානය තුළ මැතිවරණයට සහ නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාරට බැස විරෝධතාවයේ නිරත වී සිටියි.
පකිස්තානය තුළ මෙලෙස දිග්ගැස්සෙමින් ඇති දේශපාලන අර්බුධය හමුවේ එරට ආර්ථිකය තවදුරටත් කඩා වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් බිය පළ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart