
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමැති මණ්ඩලය සමඟ බදාදා සිය ඉල්ලා අස්වීම ජනාධිපති ද්‍රෞපදි මුර්මු වෙත භාරදුන්නේය.
“ජනාධිපතිවරිය ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර නව ආණ්ඩුව බලයට පත්වන තරු දිගටම කටයුතු කරන ලෙස ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියාය,” යනුවෙන් ඉන්දීය රජය නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයක දැක්වේ.
නරේන්ද්‍ර මෝදි ජුනි 8දා සවස අඛණ්ඩව තෙවැනි වරටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ඉන්දියා ටුඩේ’ වාර්තා කර ඇත.
මොදිගේ NDA සන්ධානය ආසන 292 ක් දිනාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය පසුකර ගිය නමුත් මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතරයක් ලැබී තිබුණේ නැත.
NDA ආණ්ඩුවක් පිහිටුවුවහොත්, හිටපු අගමැති ජවහර්ලාල් නේරුට පසුව තුන්වැනි වරටත් බලයට පත්වන ඉන්දියාවේ දෙවැනි නායකයා මෝදි වනු ඇත.
භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (NDA) ඉහළ නායකයන් අද සවස රැස්වීමට නියමිතව ඇත්තේ ලෝක් සභා මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය කිරීමට සහ ආණ්ඩු පිහිටුවීමේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීමට ය.
මන්ත්‍රීවරුන් 543 කින් යුත් ලෝක් සභාවේ NDA සන්ධානය බහුතර ලකුණ වන මන්ත්‍රීවරුන් 272 ට වඩා ඉහළින් සිටින නමුත්, භාරතීය ජනතා පක්ෂය 2014න් පසු ප්‍රථම වතාවට තනි පක්ෂයක් ලෙස බහුතර අංකයට වඩා පහත වැටී ඇති අතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සන්ධානයේ සහචරයින් මත යැපීමට සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart