May 20, 2025

මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරන නිලධාරීන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ, යෝජිත මංතීරු හතරකින් යුත් කණු මත මාර්ගය තලංගම තෙත්බිම් හරහා ඉදිකරන්නේ නැති නමුත්, ඊට විකල්ප මාර්ග පිළිබඳව සළකා බලන බවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මේ බව අධිකරණයට දැනුම්දුන්නේය.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති සියලුම ක්‍රියාමාර්ගවලට පටහැනිව, පාරිසරික යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානය සහ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් හරහා මංතීරු හතරකින් යුත් කණු මත මාර්ගයක් ඉදිකිරීමට අවසර දුන් ගැසට් නිවේදනයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කළ පුද්ගලයන් කිහිපදෙනකු විසින් ගොනුකරන ලද රිට් පෙත්සම්වලට ප්‍රතිචාර වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ප්‍රකාශ කරන ලදී.

මුලින් යෝජනා කළ පරිදි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනනොයෑමට බලධාරීන් තීරණය කර ඇති බව පාර්ශවයන් අධිකරණයට දැනුම්දුන්නේය.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින්, අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කළේය.

පෙත්සම්කරුවන් කියාසිටියේ, පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් හරහා මංතීරු හතරකින් යුත් කණු මත මාර්ගයක් ඉදිකිරීමට අවසර දෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් හිටපු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිකුත් කර ඇති බවත්, එය, එම ප්‍රදේශය සංරක්ෂණය හා ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති සියලුම ක්‍රියාමාර්ගවලට පටහැනිව බවත්ය.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පෙනීසිටියේය.