
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබේ.
ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සඳහා මෙලෙස තෝරාගෙන ඇත්තේ පියුමි විජේසේකර නම් පර්යේෂිකාවයි.
ඒ අනුව Jason Lee, Stephanie Navarro, Sharef Al Romaithi සහ පියුමි විජේසේකර මැයි මස 10 වැනිදා නාසා ඒජන්සියේ HERA නමින් හැඳින්වෙන අංශය වෙත පිවිසෙනු ඇත.
එම අංශය වෙත පිවිසි පසු, කණ්ඩායම දින 45ක් අඟහරු වෙත ගිය ගගනගාමීන් මෙන් ජීවත් වනු ඇත.
කාර්ය මණ්ඩලය ‘යළි පෘථිවියට පැමිණීම’ සටහන් කිරීමෙන් පසු ජුනි 24 වැනි දින ඔවුන්ට අදාළ පරිශ්‍රයෙන් පිටව යෑමට හැකිය.
Jose Baca සහ Brandon Kent මෙම මෙහෙයුමේ විකල්ප කාර්ය මණ්ඩල සාමාජිකයන් වේ.
නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හුදකලාවට හුරුවීම සහ දුරස්ථ තත්ත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීමට HERA ඔස්සේ විද්‍යාඥයන්ට පුහුණුව ලබා දෙයි.
ඊට විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සේම අඟහරු මත ඇවිදීම වැනි පුහුණුකිරීම් ද ඇතුළත්ය.
පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥයෙකි.
විජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.
ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය ශ්වසන රෝග අධ්‍යයනය කිරීම හා බැඳී පවතී.
පියුමි විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝහිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart