December 15, 2025

පිස්තෝලයක් ඔලුවට තබා මරණ තර්ජනය කර හා පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සහ වර්තමාන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

‘දිනමිණ’ වාර්තා කරන ආකාරයට මෙම සිද්ධියට අදාළ මන්ත්‍රිවරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරයෙක් සහ වර්තමාන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි.

ඔවුන් දෙදෙනා ඊයේ [14] අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණු බව පොලිසිය පවසා ඇත.