
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආනයනකරුවන් ප්‍රකාශ කරන පරිදි ජංගම දුරකතන වල මිල 20% කින් අඩු කළ නොහැකි බව, සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.
කොළඹ අද(10) පැවති ජනමාධ්‍ය හමුවකදී එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා කියා සිටියේ දැනට වැඩි මිලට ගත් දුරකථන තොග තමන් සතු බැවින් එලෙස කටයුතු කළ නොහැකි බවයි.
රුපියල් 1400 – 1600 මට්ටමට පැවැති කුඩා ජංගම දුරකතනයක මිල මේ වනවිට රුපියල් 4000 ඉක්මවා තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුල කඩිනමින් දුරකථන මිල අඩු කළ නොහැකි බව පාරිභෝගික ජනතාවට දැනුම් දෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
එසේම ඒ පිළිබඳ ජනතාවගෙන් සමාව අයැදින බවත් ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේය.
කෙසේ වෙතත් දුරකතන ආනයනකරුවන් ඊයේ පැවසුවේ දැනට පවතින තොග අවසන් වූ පසු,ජංගම දුරකතන මිල 20% අඩු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart