
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියාවේ විශාලතම තෙල් හා ගෑස් සමාගම වන පෙට්‍රෝ චයිනා හි (PetroChina International) සිංගප්පූරු ශාඛාවට ශ්‍රී ලංකාවට ඩීසල් නැව් තොග හතරක් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත.
2023-11-01 දින සිට 2024-02-29 දින දක්වා වන ඉදිරි මාස (04) කාලය තුළ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ.
එම ලංසු සළකා බැලීමෙන් අනතුරුව, කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශය මත පදනම්ව M/s Petrochina International (Singapore) Pte.Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart