
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගත් ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එය අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී.කරලියද්ද ඉදිරියේ කැඳවනු ලැබුවේය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර, අනතුරුව අදාළ පෙත්සම සළකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවිමටයි නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart