
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් හම්බන්තොට බසාර් වීදියේ රන් භාණ්ඩ සාප්පුවකට පෙරේදා (30) පැමිණි කාන්තාවක රන් මාල පහළොවක් සොරාගෙන ගොස් ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.
හොඳට හැඳපැළඳ පැමිණ ඇති මෙම කාන්තාව සොරාගෙන ගිය මෙම රන්මාලවල වටිනාකම රුපියල් දහඅට ලක්ෂ හැත්තෑ නම දහසක් වන බව රන් බඩු සාප්පුවේ අයිතිකරු පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
මෙම රන්මාලවල බර ග්‍රෑම් 76යි මිලිග්‍රෑම් 960 ක් වන බව ද පැමිණිල්ලේ සඳහන් වන බව කියයි.
රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් පැමිණ ඇති මෙම කාන්තාව රන් භාණ්ඩ තෝරන අවස්ථාවේ කිසිවකුටත් නොදැනෙන ලෙස මෙම රන්මාල සූක්ෂම ලෙස සොරාගෙන ඇති බව පෙනීයන්නේ යැයිද පොලිසිය සඳහන් කරයි.
හම්බන්තොට මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම කාන්තාව ගැන තොරතුරු අනාවරණය කරගෙන ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart