
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතනවලට ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකාව සහාය ලබා දී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදන්ට් පටෙල් පවසා තිබේ.
ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙහි ඉන්දියාවට ස්ථීර අසුනක් නොමැති වීම සම්බන්ධයෙන් Tesla ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදීයි.
එහිදී වේදාන්ත් පටෙල් පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කළ ප්‍රකාශයේදී මීට පෙර මේ සම්බන්ධයෙන් කතා කර ඇති බවයි.
එමෙන්ම අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ද ඒ සම්බන්ධයෙන් මීට පෙර පවසා ඇතැයි වේදාන්ත් පටෙල් පවසා තිබේ.
21 වැනි සියවසේ ලෝකය පිළිබිඹු කිරීමට ආරක්ෂක කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රතිසංස්කරණවලට අමෙරිකාව නිසැකවම සහාය දෙන බව ද ඔහු පවසා ඇත.
එහෙත් එම පියවර මොනවාද යන්න පිළිබඳව ඉදිරිපත් කිරීමට නිශ්චිත කිසිවක් නොමැති නමුත් නිසැකවම, එම ප්‍රතිසංස්කරණ හඳුනා ගෙන සිටින බව ඔහු පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවයක් ඇති බව ද ඔහු එහිදී පිළිගෙන තිබේ.
එලොන් මස්ක් මීට පෙර පවසා තිබුණේ ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර ආසනයක් තිබිය යුතු බවයි.
සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ අවශ්‍යතා වඩා හොඳින් නියෝජනය කිරීම සඳහා ඉන්දියාව දිගු කලක් තිස්සේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර ආසනයක් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart