
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව මෙම වර්ෂයේ විදේශ රැකියා සොයන පුද්ගලයන් සංඛ්‍යාව 20% කින් පමණ අඩු වී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සි සංගමය පවසයි.
බඳවාගැනීමේ ආයතන සහ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය යන දෙකම කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම මෙම අඩුවීමට හේතු වී ඇති බවත්, සමාජ ක්‍රියාකාරීන් යැයි කියාගන්නා පිරිසක් විසින් සිදුකරන ලද ව්‍යාපාරයක් ඊට බලපා ඇති බවත්, සංගමයේ ලේකම් මොහොමඩ් ෆාරුක් පවසයි.
විදේශීය රැකියා සොයන පුද්ගලයන්ට බලපෑමක් ඇතිකර විදේශ රැකියා අංශයට හානිකිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බවත්, එම පුද්ගලයන් සංඛ්‍යාව අඩුවීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් කෙරෙහි ද බලපානු ඇති බව ඔහු සඳහන් කරයි.
මොහොමඩ් ෆාරුක් පවසන්නේ, වංචා හෝ අක්‍රමිකතාවලට සම්බන්ධ ඕනෑම ආයතනයකට, පුද්ගලයකුට හෝ නිලධාරියකුට එරෙහිව පියවර ගැනීමට තම සංගමය පූර්ණ සහාය දක්වන බවත්, එවැනි නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දැනටමත් නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්ය.
එහෙත් රැකියා සොයන පුද්ගලයන් අඩුවීම දිගටම පැවතුණහොත්, 2022 වර්ශයේදී ඇති වූ ආර්ථික අර්බුදය නැවත ඇති විය හැකි බවත්, ආණ්ඩුව මැදිහත් වී මෙම ගැටළුව හැකි ඉක්මණින් විසඳිය යුතු බවත්, මොහොමඩ් ෆාරුක් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart