
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි චීනයට බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ, මෙම මස අගදී ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට යෝජනා කර ඇති යුක්‍රේන සාම සමුළුවට බාධා එල්ල කරන බව පවසමිනි.
ඉකුත් දා සිංගප්පූරුවේ පැවැති ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් ඔහු මෙලෙස චීනයට චෝදනා එල්ල කර තිබේ.
යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ සාම සමුළුව සඳහා රුසියාවට ආරාධනා නොකළ බැවින් ඒ සඳහා අනෙකුත් රටවල් සහභාගි වීම නැවැත්වීමට චීනය වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි.
රටවල් සහ සංවිධාන 100කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුවට අත්සන් තබා තිබේ.
ඊට එක්වන ලෙස ආසියා පැසිෆික් රටවලින් ද ඉල්ලා සිටින බවත් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් යුක්‍රේන සාම සමුළුව සඳහා ජනාධිපති ෂී ජින්පින් සහභාගී නොවන බව චීනය මේවනවිටත් දැනුම් දී තිබේ.
අමෙරිකාව නියෝජනය කරමින් ඊට සහභාගි වීමට නියමිතව ඇත්තේ උප ජනාධිපති කමලා හැරිස්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart