Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයට අයැදුම්පත් යොමුකර ඇති නීතිඥවරුන් 300 දෙනාගෙන් 34 දෙනකුට පමණක් අවශ්‍ය සුදුසුකම් පවතින බව ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමේ ගැසට් නිවේදනයේ දක්වා ඇති නිර්ණායක සපුරාලන්නේද යන්න තීරණය කිරීම සඳහා අයැදුම්කරුවන්ගේ සුදුසුකම් ඇගැයීම සඳහා හිටපු අගවිනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරී තිබේ.
එම කමිටුව විසින් අවශ්‍ය සුදුසුකම් ඇති 34දෙනාගේ නාමලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකරනු ඇත.
එවිට ජනාධිපතිවරයා තම අභිමතය පරිදි ඔවුන් අතරින් 10දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි.
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමේ ගැසට් පත්‍රයට අනුව වසරකට ජනාධිපති නීතීඥ තනතුර පිරිනැමිය හැක්කේ 10 දෙනකුට පමණි.
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමේ නිර්ණායක ඇතුළත් ගැසට් පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart