
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක පවන් රත්නායක සිය පියාගේ අභාවය මධ්‍යයේ බංග්ලාදේශයට එරෙහි තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.
පවන් රත්නායකට සිය පියාගේ අභාවය දැනගන්නට ලැබී ඇත්තේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තෙවැනි සහ අවසන් තරගය ඊයේ දඹුල්ලේ දී ආරම්භ වීමට ටික වෙලාවකට පෙරයි.
ඔහුගේ පියාගේ අභාවය මධ්‍යයේ මෙම ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තෝරාගෙන තිබිණි.
එහිදී ඔහු පන්දු 56කින් ලකුණු 85ක දර්ශනීය ඉනිමක් ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 05කින් එම තරගය ජයගැනීමත් සමග එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
කණ්ඩායම වෙනුවෙන් තම යුතුකම ඉටුකළ පවන්, අනතුරුව පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට පැමිණියේ මියගිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් පවන් රත්නායක කියාසිටියේ, ක්‍රීඩකයකු වූ තම පියාගේ අපේක්ෂාව වී තිබුණේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී තමන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කරනු දැකීම බවයි.
එළඹෙන බදාදා දඹුල්ලේදී ආරම්භ වන බංග්ලාදේශයට එරෙහි තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ද පවන් රත්නායක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart