
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගිලන්රථ සේවා මාර්තු 01 වැනි දින සිට ආරම්භ කරන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව, එම සේවය මාලදිවයින සහ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වේ.
මෙම සේවාව මගින් මාලදිවයින් පුරවැසියන්ට හදිසි අනතුරු, රෝගාබාධ සහ වෙනත් සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවනු ඇත.
මාලදිවයිනේ ප්‍රවාහන හා ගුවන් සේවා ඇමැතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාරවල ගුණාත්මකභාවය සැළකිල්ලට ගෙන ඉදිරියේදී රෝගීන් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත යොමුකිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇති බවයි.
මීට පෙර මාලදිවයින් පුරවැසියන් එවැනි වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ඉන්දියාව බලා පිටව ගිය අතර නව සේවය මගින් ඊට විකල්පයක් හිමිව තිබේ.
ඒ සඳහා අවශ්‍ය සියලු අනුමැතිය ගුවන් තොටුපළ නිලධාරීන්ට සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට ලබාදී ඇති බව ද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඉදිරියේදී කොළඹ අන්තර්ජාතික ගුවන් තොටුපළ, රත්මලාන සහ මාලේ අතර ද මෙවැනිම සේවාවක් ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart