
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටී.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) අනුව, පැතුම් නිශ්ශංක පළමු ස්ථාන 10 අතරට පැමිණියේ, ස්ථාන තුනකින් ඉහළ යෑමෙන් පසුව අටවැනි ස්ථානය දක්වාය.
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහි තරඟාවලියෙන් පසු පිතිකරුවන් සඳහා වන නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලදී ඔහු මෙලෙස ඉදිරියට පැමිණ ඇත.
බංග්ලාදේශ එක්දින තරගාවලියේදී පැතුම් නිශ්ශංක ලකුණු 151ක් රැස්කළ අතර එම තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශයට හිමිවිය.
මේ අතර නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත්ව තිබේ.
අසලංක ඉනිම තුනකදී ලකුණු 146ක් රැස්කරමින් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබේ.
ICC හි නවතම T20I ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ පළමු පස්දෙනා අතරට පැමිණ සිටිති.
තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 687ක් ලබාගනිමිනි.
දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ලකුණු 659ක් ලබා ගනිමින් පස්වැනි ස්ථානයට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart