
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තා මධ්‍යයේ, ජනතාව අතර ඉන්දීය විරෝධී හැඟීම් ඇවිලවීමට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරවා හරිමින් ඇති බවට වාර්තා පළ වී තිබේ.
ඉන්දියානුවන්ට එරෙහිව බංග්ලාදේශ ජාතිකයන් උසිගැන්වීමේ අරමුණින් බංග්ලාදේශයේ ඉන්දියාව පිළිබඳ එලෙස
වැරදි තොරතුරු පතුරුවන විවිධ X ගිණුම් ද සොයාගෙන ඇත.
එවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බොහෝ X ගිණුම් ව්‍යාජ ගිණුම් බව ද අනාවරණ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ව්‍යාජ බවට අනාවරණ වූ එවැනි X ගිණුමක පළ කර තිබූ පණිවිඩයක දැක්වුණේ “මෙම කරුණ ප්‍රමාණවත් ලෙස පුනරුච්චාරණය කළ නොහැක. RAW නියෝජිතයන් බංග්ලාදේශ හමුදා සහ පොලිස් නිල ඇඳුම් ඇඳගෙන බංග්ලාදේශයේ සාහසික ක්‍රියා කරති.” යනුවෙනි.
ඉන්දියාව පදනම් කරගත් ජාත්‍යන්තර කොන්සර්වේටිව් දේශපාලන විශේෂඥයෙකු වන සුව්රොකමාල් දත්තා මෙය විස්තර කළේ, බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී වෛරය අවුළුවා රට තවත් ජිහාඩ් කරුවෙකු බවට පත් කිරීම සඳහා එහි හමුදාවේ සහ මාධ්‍යවල සහාය ඇතිව පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශය (ISI) විසින් මෙහෙයවන ලද ද්වේෂසහගත ප්‍රචාරයක් ලෙස ය.
ඔහු පැවසුවේ, “බංග්ලාදේශයේ BNP සහ Jamaat හි සක්‍රීය සහයෝගය ඇතිව ෂෙයික් හසීනාගේ නීත්‍යානුකූල, ලෞකික හා ප්රජාතන්ත්රවාදී රජයක් පෙරළා දැමීම සඳහා පකිස්ථානයේ ISI සහ එහි හමුදාව විසින් කරන ලද නපුරු ක්‍රියා පිළිබද මුළු ලෝකයම දන්නා බවයි.
එය ඉන්දියාව අපකීර්තියට පත් කිරීමට සහ බංග්ලාදේශය තුළ ඉන්දීය විරෝධී හැඟීම් ඇති කිරීමට පාකිස්තානයේ තවත් නපුරු උපක්‍රමයක් බව ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart