
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාශ්මීරයේ පහල්ගම් හි මෑතකදී සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම පරිශ්‍රය ඉදිරිපිට පැවති විරෝධතාවලට ප්‍රතිචාර නොදක්වන බව කොළඹ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ, සංවිධානාත්මක කණ්ඩායම් සහ බෙදීම් ඇති කරන පිරිස් සමාජයේ සමගිය කෙරෙහි කිසිදු තැකීමක් හෝ නීතිය සහ සාමය කෙරෙහි කිසිදු ගෞරවයක් නොමැති බවයි.
“ඒ අහිංසක ජනතාව විරෝධතාවයේ කොටසක් වීමට පෙළඹවූයේ සහ අනුග්‍රහය දැක්වූයේ කවුරුන්ද යන්න රහසක් නොවේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන් සිටින්නේ කොහේද සහ ඔවුන් එහි සිටියේ මන්දැයි පවා දැන සිටියේ නැහැ,” යනුවෙන් එම ප්‍රකාශකයා පැවසීය.
ශ්‍රී ලංකාවේ සාමකාමී සහ සහෝදර ජනතාවගේ දෛනික චර්යාවට බාධා කරන විරෝධතා පැවැත්වීම ඇතුළු කිසිදු ක්‍රියාකාරකමක කොටසක් වීමට පාකිස්ථානය කැමති නැති බව එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
සංචාරකයන් 26 දෙනෙකු ඝාතනය කළ කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය බදාදා (අප්‍රේල් 30) සහ ඊයේ (මැයි 02) කොළඹ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවලින් පසුව මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ආතතීන් උත්සන්න වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart