
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරිද්‍රතාවය දරාගැනීමට නොහැකිව පුද්ගලයකු තම බිරිඳ සහ බාලවයස්කාර දරුවන් හත්දෙනෙකු පොරවකින් පහර දී ඝාතනය කළ පුවතක් පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වන බව එරට පොලිසිය පවසයි.
වෘත්තියෙන් කම්කරුවකු වන එම පුද්ගලයා සාජාඩ් කෝකාර් නමැත්තෙකි.
සිය ස්වාමියා අතින් ඝාතනයට ලක්වූ ඔහුගේ බිරිඳ කෞසාර් නමැති 42 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බව පාකිස්තාන ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
පියා අතින් ඝාතනයට ලක්වූ දරුවන් හත්දෙනා මාස 8ත් අවුරුදු 10ත් අතර වයස්වල පසුවන්නන් වේ.
එම දරුවන් අතර ගැහැණු දරුවන් හතරදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනකු සිටින බව පැවසේ.
ඔවුන් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මුසාෆර්ගාර් දිස්ත්‍රික්කයේ අලිපූර් හි පදිංචිකරුවන් පිරිසකි.
අදාළ පුද්ගලයා පොරවකින් පහර දී සිය බිරිඳ සහ දරුවන් ඝාතනය කර ඇත්තේ නිවස තුළදීම බව ද වාර්තා වේ.
සැකකරු මූල්‍යමය අර්බුධයක් හේතුවෙන් මානසික ආතතියට පත්ව සිටි පුද්ගලයෙකු බවත්, සිය බිරිඳ සමඟ නිතර ආරවුල් ඇතිකරගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද සඳහන්.
දරිද්‍රතාව හමුවේ තම දරුවන්ට තවදුරටත් පෝෂණය කිරීමට නොහැකි බැවින් මෙම අපරාධය සිදු බවට සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.
පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති මරියම් නවාස් දරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසද ප්‍රධාන ඇමැතිවරිය පොලිසියට උපදෙස් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart