
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින ඊශ්‍රායල-හමාස් යුද්ධය මධ්‍යයේ, පාකිස්තානයේ ඉහළම හමුදා නායකත්වය විසින් පලස්තීනුවන්ට “පාකිස්ථාන ජාතියේ රාජ්‍යතාන්ත්‍රික, සදාචාරාත්මක සහ දේශපාලන සහයෝගය” ලබාදෙන බව නිවේදනය කර ඇත.
ඊශ්‍රායල ප්‍රහාරය හේතුවෙන් අහිංසක සිවිල් වැසියන්ට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවද පකිස්ථාන හමුදාව පෙන්වාදී තිබේ.
පාකිස්ථාන හමුදාව ඊශ්‍රායල් ප්‍රහාර හෙළාදැක ඇත්තේ, රාවල්පිණ්ඩි (GHQ) පොදු මූලස්ථානයේ (GHQ) පැවැති සේනාංකාධිපතිවරුන්ගේ සමුළුවක් අතරතුරදී ය.
නවතම වාර්තාවන්ට අනුව, ඊශ්‍රායල ජාතිකයන් 1,400 ක් පමණ මිය ගිය හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට බෝම්බ හෙළීමට ඔක්තෝම්බර් 07 වැනිදා පටන් ගත් දා සිට පුද්ගලයන් 4000කට වැඩි දෙනකු මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart