
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේදී පෙරේදා (25 වැනිදා) හදිසියේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මත්ද්‍රව්‍ය නොමැතිව සිටීම නිසා මොහු මේ ආකාරයට කලහකාරී ලෙස හැසිරී ඇති අතර අවස්ථා කීපයකදීම තම හිස සිරමැදිරියේ බිත්තිවල පවා හප්පාගෙන සිටි බවද පොලිසිය කියා සිටියි.
පසුව මේ පිළිබඳව සැකකරුගේ මව්පියන් දැනුවත් කර ඇත.
ඔවුන් ද පැමිණ මොහු සන්සුන් කරගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී තිබේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාස සිර මැදිරියේදී හදිසි රෝගී තත්ත්වයකට ලක්වූ සැකකරු පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මොහු මියගොස් තිබේ.
ගම්පහ ඔස්මන් නැමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ නියෝග මත පාතාල සාමාජිකයන් 05 දෙනකු ආයුධත් සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම පස්දෙනා අතර සිටි හිටපු කොස්තාපල්වරයා මාලිගාවත්ත සහ පිටකොටුව පොලිසිවල රාජකාරි කළ නිලධාරියෙකි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා මොහු වැඩ තහනමට ලක්කර තිබූ අතර පසුව මොහු කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලිය හා සම්බන්ධවී ඇත.
ඔස්මන් ඝාතනය සඳහා යොදාගැනීමට සූදානම් කර තිබූ කැබ් රථය ගෙනැවිත් ඊට අවශ්‍ය පහසුකම් සකසා ඇත්තේ මෙම හිටපු කොස්තාපල්වරයා විසින් බව විමර්ශන වලින් හෙළි වී තිබේ.
මෙසේ මියගිය හිටපු කොස්තාපල්වරයා 27 හැවිරිදි වියේ පසුවන හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart