
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ(backup vehicle) තුනක් නැවත රජයට භාරදෙන ලෙස දැනුම් දී ඇත.
ලංකාදීපය වාර්තා කර ඇති ආකාරයට ලිපියක් යොමුකරමින් මෙම දැනුම්දීම කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.
එම වාර්තාවට අනුව හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ නිවසේ රැඳී සිටින හෙයින් කොළඹට පැමිණි පසු එම වාහන බාරදීමට කටයුතු කරන බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර ඇත.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයන් ගමන්ගන්නා වාහන කිහිපයක් නැවත භාරදෙන ලෙස රජය දැනුම් දී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවයි.
මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇති ජීවිත තර්ජනය අවසන් වන සීමාවක් ලකුණු කළ නොහැකි බවත්, ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කිරීමකින් තොරව මේ ආකාරයට කටයුතු කිරීම නිවැරදි නොවන බවත් ඔහු සඳහන් කර ඇත.
මෙවැනි පියවර ගනු ලබන්නේ, බුද්ධි අංශ වෙතින් අදහස් විමසාදැයි තමා ප්‍රශ්න කරන බවද හෙතෙම සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart