
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බව අභියාචනාධිකරණය විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
හරක් කටා නමැත්තාගේ පියා වන නෙල්සන් වික්‍රමරත්න ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව, පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, හරක් කටා නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් අවසර ලබාගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවේය.
ඉන් අනතුරුව පෙත්සම යළි ජනවාරි මස 30 වැනිදා කැඳවීමට ද නියෝග කෙරිණි.
දැනට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාට පනවා තිබෙන රැදවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටාගේ පියා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart