
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්තු අවසානය වන විට නිම කිරීමට නියමිතව තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 79න් 5ක් පමණක් නියමිත වේලාවට අවසන් වී ඇති බව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වේ.
“මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 2025 පළමු කාර්තුව” මැයෙන් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ එම වාර්තාව නිකුත් කරතිබේ.
මෙම දෙපාර්තමේන්තුව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතී.
මෙම වසරේ මාර්තු අග වන විට ව්‍යාපෘති 205ක තත්ත්වය වාර්තාව මගින් පරීක්ෂා කර තිබිණි.
ඒ අතර 2025 දී ආරම්භ කරන ලද නව ව්‍යාපෘති 21ක් තිබේ.
විදේශ ප්‍රදාන හරහා හයක්, විදේශ ණය හරහා පහක් සහ දේශීය අරමුදල් භාවිත කරමින් 10 ක් වශයෙන් එම ව්‍යාපෘති සටහන් වී තිබේ.
වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුහුණ දී ඇති අභියෝගයි.
අපේක්ෂිත ප්‍රතිදාන සහ ප්‍රතිලාභ ලබා දීමේදී සැළකිව යුතු ප්‍රමාදයන් පෙන්නුම් කරන, ව්‍යාපෘති 96ක් රතු වර්ණ කේතය සමඟ වර්ගීකරණය කර ඇත.
දේශීයව මුදල් සපයන ව්‍යාපෘතිවලට සාපේක්ෂව විදේශ අරමුදල් සපයන ව්‍යාපෘතිවල වැඩි ප්‍රමාදයන් අත්විඳ ඇත.
ව්‍යාපෘති විෂය පථයන්ගේ වෙනස්කම් සහ කාල දීර්ඝ කිරීම් ලබාදීම මෙම පර්මාදයන්ට ප්‍රධාන හේතු අතර වේ.
උදාහරණයක් ලෙස, විදේශ ණය මත පදනම් වූ ව්‍යාපෘති පළමු කාර්තුව අවසන් වන විට සියයට 26.53ක මූල්‍ය ප්‍රගතියක් පෙන්නුම් කළ අතර විදේශ ප්‍රදාන මත පදනම් වූ ව්‍යාපෘතිවල ප්‍රගතිය සියයට 48.15ක් විය.
නමුත් දේශීය අරමුදල් මත පදනම් වූ ව්‍යාපෘතිවලින් සියයට 71.93ක් මූල්‍ය ප්‍රගතියක් අත්කර ගෙන තිබේ.
සම්පූර්ණ වත්මන් ව්‍යාපෘති කළඹ ඇස්තමේන්තුගත රුපියල් ට්‍රිලියන 3.1ක් වන අතර ඉතිරි වැඩ නිම කිරීම සඳහා අමතර රුපියල් ට්‍රිලියන 1.3ක් අවශ්‍ය වේ.
ව්‍යාපෘති තුනක් හැර, අනෙක් සියල්ල 2028 අවසානය වන විට අවසන් කිරීමට නියමිතය.
මෙම වසරේ අයවැය වෙන්කිරීම් වන රුපියල් බිලියන 649න් මාර්තු අවසානය වන විට වියදම් කර ඇත්තේ සියයට 7.2ක් පමණි.
මෙය පළමු කාර්තුවේ ඉලක්කයෙන් සියයට 38.9ක් පමණි.
භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කිරීමේදී කිසිදු ප්‍රමාදයක් සිදු නොවූ බව වාර්තාවේ සඳහන් වේ.
ගෙවීම් බිල්පත් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සැබෑ වියදම් අඩු වී ඇත.
බොහෝ දුරට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් මීට හේතු වී තිබේ.
මාර්තු අවසානය වන විට රුපියල් බිලියන 32.6ක නොගෙවූ බිල්පත් පොරොත්තු ලේඛනයට ඇතුළත් කර තිබිණි.
දැවැන්ත ව්‍යාපෘති 67කට කාලය දිගු කිරීම් ලබා දී ඇත.
“එවැනි දිගු කිරීම් මුළු ඇස්තමේන්තුගත පිරිවැය වැඩි කිරීමට පමණක් නොව, ව්‍යාපෘති විෂය පථයට නැවත නැවත වෙනස් කිරීම් සඳහා ද ඉඩ සලසයි,” යනුවෙන් වාර්තාව නිරීක්ෂණය කරයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන් පසුගාමී බව හඳුනාගෙන ඇති අතර, එහි බොහෝ ව්‍යාපෘති රතු කේතය යටතේ වර්ගීකරණය කර ඇත.
ඊට මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වැනි කොටස, වරාය ප්‍රවේශ උස් අධිවේගී මාර්ගය සහ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) සිවිල් වැඩ අදියර ඇතුළත් වේ.
තවත් ව්‍යාපෘති කිහිපයක් කිහිපයක් ඇම්බර් කේතය යටතේ වර්ගීකරණය කර ඇත්තේ ප්‍රමාදයන්ට මුහුණ දී ඇති බැවිනි.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සතුව තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින සහ රතු පැහැයෙන් සංකේතවත් කර ඇති ව්‍යාපෘති 60 ක් ඇත.
අඹතලේ, ගම්පහ, මහනුවර උතුර, පාතදුම්බර, ලග්ගල නව නගරය, මඩකලපුව, අම්පාර, මාතර ආදී විවිධ ප්‍රදේශ හරහා ක්‍රියාත්මක වන ජල සැපයුම් යෝජනා ක්‍රම රාශියක් ඊට ඇතුළත් වේ.
කොළඹ මහනගර ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ද තවත් එකකි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නිම නොකළ ව්‍යාපෘති අතරට සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, ජාතික ආඝාත මධ්‍යස්ථානය ඉදිකිරීම, රිජ්වේ ආර්යා රෝහලේ හෘද මධ්‍යස්ථානය ඉදිකිරීම සහ මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝහලේ 2 වැනි අදියර ඉදිකිරීම ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart